දේශීය පාරම්පරික වෛද්‍ය ආචාර්‍යය පූජ්‍ය සුසිරිගම මංගල හිමි
උන්වහන්සේ විසින් සමාජයට දායාද කළ දේශීය පාරම්පරික වෙදකමේ දැනුම හා සානුකම්පිත දැක්ම අදත් ජීවමානව පවතී. පරම්පරා ගණනාවක් පුරා රැක ගෙන ආ වෙදකම් උරුමය ආරක්ෂා කරමින්, රෝගයේ මුල හඳුනාගෙන ස්වාභාවික ඖෂධ මඟින් ශරීරය හා මනස සුවපත් කිරීම උන්වහන්සේගේ ප්‍රධාන අරමුණ විය. දේශීය වෙදකමේ වටිනාකම සමාජයට අවබෝධ කරවා, නීරෝගි සමාජයක් බිහි කිරීමේ චේතනාන්විත සේවාව පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාම උන්වහන්සේගේ අමරණීය මෙහෙවරකි.

දේශීය උරුමය හා පරම්පරාගත දැනුම
පරම්පරා ගණනාවක් පුරා රැකගෙන ආ දේශීය වෙදකමේ දැනුම මත පදනම් වූ විශ්වාසදායක අත්දුටු හා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර බලමුළුවකි.

ස්වාභාවික ඖෂධ
අප පරිසරයෙහි වැඩෙන ඖෂධීය ශාකවල ගෙඩි, කොළ, පොතු, මුල්, අල යන පස්පංගුවම භාවිතා කරමින්, අතුරු ආබාධ නොමැතිව පූර්ණ සුවය ලබාදීම සිංහල වෙදකමේ විශේෂත්වයයි.

හෙළ වෙදකමේ ඉතිහාසය
ශ්‍රී ලංකාවේ ඉපැරණිම සහ විශිෂ්ඨම ප්‍රතිකාර ක්‍රමය ලෙස සිංහල වෙදකම හැඳින්විය හැක. අතීතයේ හෙළ වෙදකමේ දියුණුව පිළිබඳව සාක්ෂි අදටත් මිහින්තලයේ ඉපැරණි රෝහලේ දක්නට ඇත.
වෙද පරම්පරාවේ ඉතිහාසය හා වෙද මහතා පිළිබඳව
ලංකා ඉතිහාසයේ අතීතයේ පටන් පැවත එන සිංහල හෙළ වෙදකම බුද්ධ වර්ෂ 2523 දී (ක්‍රි.ව. 1980) පමණ දේශීය පාරම්පරික වෛද්‍ය පූජ්‍ය පුසුල්පිටියේ ධම්මස්සි හිමියන්ගේ වැඩිදුර වෙදකම පිලිබඳ හදාරා උන්වහන්සේගෙන් පසුව වෙදකම ඉදිරියට කරගෙන යාමට දේශීය පාරම්පරික වෛද්‍ය ආචාර්‍ය පුජ්‍ය සුසිරිගම මංගල හිමියන් විසින් පුර වසර 21 අකණ්ඩ මෙහෙයක් සිදු කරමින් රෝගීන් දහස් ගණන් සුවපත් කල යතිවරයාණන් වහන්සේ නමකි. උන්වහන්සේගේ අභාසයෙන් කුඩාකල පටන් වෙදකම මනා සේ හදාරා උන්වහන්සේ සමග එක්ව දහස් ගණන් රෝගීන් සුවපත් කිරීමේ උදාර පරමාර්ථයෙන් අඛණ්ඩව දස වසරක් පුහුණු වෛද්‍ය ශිෂ්‍යයෙකු වශයෙන් පුර්ණකාලීනව සමාජ සේවයේ නිරත වේ.

දේශීය පාරම්පරික වෛද්‍ය පූජ්‍ය සුසිරිගම මංගල හිමිගේ අපවත් වීමෙන් පසු කාලීනව එම වටිනා වෙදකම මානව සුව පිණිස රැගෙන යන පාරම්පරික වෛද්‍ය දර්ශන ශූරි-ලංකා මාණික්‍ය, දේශීය පාරම්පරික සර්වාංග වෛද්‍ය එස්.එම්. සි. පි. බණ්ඩාර වෙද මහතා.
විශේෂ ප්‍රතිකාර සහ සායන

දිගුකාලීන සුවයක් සොයනවාද?
ආයුබෝවන් 🙏
වෛද්‍ය උපදේශනය සඳහා අවශ්‍ය කරුණු නිවැරදිව සලකා බැලීමට, කරුණාකර ඔබගේ මූලික තොරතුරු පහත පරිදි අප වෙත ලබාදෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.
ඔබ විසින් ලබාදෙන සියලුම තොරතුරු සම්පූර්ණ රහසිගතභාවයෙන් හා ආරක්ෂිතව පවත්වාගෙන යනු ලැබේ.
ස්තුතියි!




